සිසු සිසුවියන්ට මත් කරල් විකිණූ උපකාරක පංති ගුරා අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව තහනම් උත්තේජක ඖෂධ (මත් කරල්) කරල් 1299ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 4,5,6,7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය හා විද්‍යාව විෂයන් වලට අදාලව උපකාරක පංති පවත්වනු ලබන ගුරුවරෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු කළුතර විද්‍යාලයට මීටර් 500ක් පමණ දුරින් පිහිටි නිවසක කුලී පදනම මත බිරිඳ හා දරුවන් දෙදෙනෙකු සමඟ පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා (19) අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් වන අතර, මොහු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම මත්කරල් අලෙවි කර ඇති බවයි දැනගන්නට ලැබූ ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23