ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී දඩ මුදලක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී දඩ මුදලක් අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හැඳුනුම්පත පළමු නැති වූ අවස්ථාවක් දී ඒ බව නොදන්වා යළි හැඳුනුම්පතක් ලබාගැනීමට ඉල්ලුම්පතක් යොමුකර ඇත්නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව යි වාර්තා වුණේ.

එමෙන්ම නියමිත කාලය තුළ ජාතික හඳුණුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා ද දඩ මුදලක් ය කෙරෙඅ අතර, එය රුපියල් 2500ක් බවයි පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 06ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා ද රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීම ඉදිරියේ දී සිදුවනවා.

එමෙන්ම ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2500ක දඩමුදල් අයකර ගන්නා බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?