කැළණිය වඳින්න ආ යුවළකගේ යතුරුපැදියක් සොරාගත් සිද්ධියකට කතක් අත්අඩංගුවට

කැළණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණි යුවළකගේ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ කැළණි විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි යුවළකට අයත් යතුරුපැදියක් විහාරස්ථාන රථගාලේ දී සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලක් ලැබී ඇත්තේ.

යතුරුපැදියේ සවිකර තිබූ GPS උපාංගය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේ නිවසක ලොරි රථයක් තුළ සඟවා තිබියදී එය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, යතුරුපැදිය සඟවා තිබූ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (20) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යතුරුපැදිය සොරාගත් සැකකරුවන් සොයා කැළණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23