මිනිස් ජීවිත අනතුරේ දමා විදෙස් ගතව සිටින මෙරට පුද්ගලයෙක් සිදුකරගෙන යන මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිවෙයි (ඡායාරූප)

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉතා සංවිධානාත්මකව සිදු කරගෙන යන මිනිස් ජාවාරමක් සම්බන්ධව අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.

මේ වන විට ලාඕසයේ ජීවත්වන ‘තුෂාර සාලිය’ නැමැති පුද්ගලයෙකු විසින් ඉතා සංවිධානාත්මකව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් ‘තුෂාර සාලිය’ නැමැති මෙම ජාවාරම්කරු විසින් මෙරට පුද්ගලයින් විශාල පිරිසක් රවටා ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කැනඩාවේ රැකියා සිහිනය පෙන්වා බොරු මවාපෑම් සිදුකර මෙරට වෙසෙන පුද්ගලයින් රවටා ලාඕසයට ගෙන්වා ගෙන ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් එම රටතුළ අතරමංකර මොහු පලා යන බවයි වාර්තා වන්නේ.

මොහු විසින් මීට පෙර කාම්බෝජය කේන්ද්‍රකර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, මේ වනවිට ඔහු ලාඕසය කේන්ද්‍රකරගෙන මෙම ජාවාරම සිදුකරගෙන යන බව සඳහන්.

‘තුෂාර සාලිය’ නැමති මෙම කූඨ ජාවරම්කරුගේ උඟුලට හසුව අන්ත අසරණ තත්ත්වයට පත් වූ මෙරට පුද්ගලයින් විශාල පිරිසක් මේ වනවිටත් කර කියාගත දෙයක් නොමැතිව ලාඕසයේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

මොහුට මෙම ජාවාරම ඉතා පහසුවෙන් සිදුකරගෙන යෑමට පාර්ශ්වයන් රැසකගේ සහාය ලැබෙන බවට ද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

‘දීපන්’ නමැති ශ්‍රී ලාංකිකයෙකු එරට සිට මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන යෑමට සාලිය නැමැත්තාට විශාල සහයෝගයක් ලබාදෙන බවටයි අනාවරණය වුණේ.

මෙම ජාවාරම පිටුපස ඇති විශ්මය දනවන කරුණ නම් ලාඕසයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු ඇතැම් නිලධාරීන් සහ සේවකයින් ද මෙම මහා පරිමාන නීති විරෝධී ජාවාරම සිදුකරගෙන යෑමට ‘තුෂාර සාලිය’ නැමැත්තාට සහාය වන බවට කරුණු අනාවරණය වීමෙයි.

සාලියගේ මුදල්වලට ගිජු වූ ලාඕසයේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් මෙම ජාවාරම පහසුකර ගැනීමට සාලියට දැඩි සහයක් ලබා දෙන බවටයි තොරතුරු හෙළි වුණේ.

ජාවාරම්කරුගේ තරම කොතරම් දැයි කියතහොත් ‘තුෂාර සාලිය’ නම වෙනුවට ඔහු මේ වන විට ලාඕසය තුළ රැදී සිටින්නේ ව්‍යාජ නමක් භාවිත කරමින් බවත්, එවැනි ව්‍යාජ නම් යොදා සැකසූ විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් ද ඔහු සතුව පවතින බවට ද අනාවරණය වුණා.

මේ අතර ‘තුෂාර සාලිය’ නැමති මෙම ජාවාරම්කරුගේ මිනිස් ජාවාරමට හසුවූ මෙරට පුද්ගලයින් කිහිපදෙනෙක් කාම්බෝජියාවේ ආරක්ෂක අංශ වෙත ද ඔහු සම්බන්ධයෙන් පැමිණිලි යොමුකර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන මෙම කාලසීමාව තුළ රටේ නාමයට අපකීර්තියක් එක්වන මෙවැනි අනීතික කටයුතු සම්බන්ධයෙන් වහාම සොයා බලා මෙම අපරාධකරුවන්ට නිසි දඬුවම් පැනවීමට කටයුතු කරන ලෙසයි නීතිය කරවන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ජාවාරම්කරුට ව්‍යාජ නම් වලට නිකුත්කර ඇති විදෙස් ගමන් බලපත්‍ර..

2 3
4
3 2

කාම්බෝජියාවේ ආරක්ෂක අංශ වෙත ජාවාරම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත්කළ පැමිණිල්ලක විස්තර..

1 3
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36