මැතිසබයේ කමිටු තුනකට අලුත් මුහුණු හයක්

පාර්ලිමේන්තුවේ කමිටු තුනක් සඳහා මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නා.

ඒ, අනුව අදාළ කමිටු සඳහා අලුතින් පත්කළ මන්ත්‍රීවරුන් පහතින්.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප් කමිටුව) – දයාසිරි ජයසේකර, මේජර් සුදර්ශන දෙනිපිටිය

රජයේ ගිණුම් පිළිබද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) – ප්‍රසන්න රණවීර, එස්. වේලු කුමාර්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව – ආචාර්ය නාලක ගොඩහේවා, සුමිත් උඩුකුඹුර