චාමිකට කොල්කටා පිළේ දොර වැසෙයි

අයි.පී.එල්. තරගවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නිදහස් කළ ක්‍රීඩකයින් පස්දෙනා අතරට චාමික කරුණාරත්න ද ඇතුළත්.

ශිවම් මාවි, පැට් කමින්ස්, සෑම් බිලින්ග්ස්, මොහොමඩ් නබී සහ චාමික කරුණාරත්න අයි.පී.එල්. මිනි වෙන්දේසියට පෙර කොල්කටා පිළ විසින් නිදහස් කළ ක්‍රීඩකයින් පස්දෙනා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්