ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන කරුණු රැසක් අධිකරණයේ දී එළියට

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇයගේ මෙරට වීසා බලපත්‍රය පසුගිය 2014 වසරේ දී අවසන් වී ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලේඛනවලට අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර නොහොත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව සඳහන්.

2014 ජනවාරි මාසයේ දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් ඇය විසින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඇය දිව්ත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තියක් බවයි.

අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය වීමෙන් සමඟ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23