ගෝඨාගෝගම අරගලකාරිණියක් මෙලොවින් සමුගනී

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ සවස ඇය ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි.