රටේ සමස්ථ පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළා .
ඒ, අනුව පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුව රජයේ වියදම් වැඩිකර ඇති හෙයින් ඉන් මුදල් යොදාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඔහු මෙහි දී ඉල්ලා සිටියා.
විපක්ෂ නායකවරයා අවදානයට ලක්කළ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කර සිටියේ පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් මේ වනවිට පවතින බවයි.
පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරගෙන යන බව සඳහන් කළ අධ්‍යාන අමාත්‍යවරයා,දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබාදෙන බවත්, අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත්
වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.




