කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට රාජ්‍ය සේවකයෙකුට බැහැ – අගමැති

දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේවත් ජීවත් වීමේ අයිතිය, යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට නොහැකි බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (08) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රතිපත්තය මත රජය කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අවුරුදු 13ක ගැහැනු දරුවෙකු ගැබිනියක බව ප්‍රකාශ කිරීමත්, පසුව එය වැරදීමක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළ බවට වන සිද්ධීන් පිළිබඳවය මන්ත්‍රීවරිය අදාළ ප්‍රශ්නය විමසූ අතර, එම දරුවා මානසික පීඩනයකට ලක් වූ නිසා, දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳව ද මන්ත්‍රීවරිය විමසා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න ලෙස එම දිස්ත්‍රික් ලේකම්වරයාට දන්නවා ඇති බවයි.

“ගරු කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දවමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40