spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිසිවෙකුගේ ජීවත් වීමේ අයිතිය යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට රාජ්‍ය සේවකයෙකුට බැහැ – අගමැති

දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේවත් ජීවත් වීමේ අයිතිය, යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට නොහැකි බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (08) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රතිපත්තය මත රජය කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අවුරුදු 13ක ගැහැනු දරුවෙකු ගැබිනියක බව ප්‍රකාශ කිරීමත්, පසුව එය වැරදීමක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළ බවට වන සිද්ධීන් පිළිබඳවය මන්ත්‍රීවරිය අදාළ ප්‍රශ්නය විමසූ අතර, එම දරුවා මානසික පීඩනයකට ලක් වූ නිසා, දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳව ද මන්ත්‍රීවරිය විමසා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න ලෙස එම දිස්ත්‍රික් ලේකම්වරයාට දන්නවා ඇති බවයි.

“ගරු කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දවමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?