පොලිස් නිලධාරීන් හිරුණිකාගේ හිරිඔතප් බිඳීයි – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස් නිලධාරීන් විසින් තමාගේ ඇතුළු සමඟි වනිතා බලවේගයේ කාන්තාවන්ගේ හිරිඔතප් බිඳීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

පසුගිය දෙවනදා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පැවති විරෝධතාවය අතරතුරේ දී තමන් ඇතුළු පිරිස එම සිද්ධියට මුහුණ දුන් බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය කියා සිටියේ.

තමා සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස එම විරෝධයට සහභාගී වූ අවස්ථාවේ දී එහි රාජකාරියේ යෙදී සිටියි පොලිස් නිලධාරීන් තමන් සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ද අසභ්‍ය වචනයෙන් බැනවැදී ශාරීරිකව හිරිහැර කර ඇති බව ඇය ඊදිරිපථ් කළ පැමිණිල්ලේ සඳහන්.

විරෝධතාවය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ අංක සහ වීඩියෝ සාක්ෂි පවතින බවත් බැවින් මෙම රජය තුළදී හෝ වෙනත් රජයක් යටතේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

“සාමාන්‍යයෙන් එවැනි විරෝධාතවලදී යම් තෙරපීමක් සිදුවෙනවා, පිරිමි ද ගැහැණු ද කියලා නැහැ, එහෙන් මෙහෙන් අතපත ගානවා,එකට කමක් නැහැ.එවැනි අවස්ථාවක අපිට ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි,හැබැයි අපේ පිලෙන් එහා පැත්තේ ඉන්නේ පොලිසියනේ,එයාලට චර්යා ධර්ම පද්ධතියක් මඟින් එවැනි අවස්ථාවක හැසිරෙන්න ඕනා ආකාරය පිළිබඳව කියලා දීලා තියෙනවා, එහෙම තියෙද්දී පොලිසිය එදින හැසිරුණු ආකාරය හෙළාදකිනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?