පොලිස් නිලධාරීන් හිරුණිකාගේ හිරිඔතප් බිඳීයි – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස් නිලධාරීන් විසින් තමාගේ ඇතුළු සමඟි වනිතා බලවේගයේ කාන්තාවන්ගේ හිරිඔතප් බිඳීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

පසුගිය දෙවනදා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පැවති විරෝධතාවය අතරතුරේ දී තමන් ඇතුළු පිරිස එම සිද්ධියට මුහුණ දුන් බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය කියා සිටියේ.

තමා සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස එම විරෝධයට සහභාගී වූ අවස්ථාවේ දී එහි රාජකාරියේ යෙදී සිටියි පොලිස් නිලධාරීන් තමන් සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ද අසභ්‍ය වචනයෙන් බැනවැදී ශාරීරිකව හිරිහැර කර ඇති බව ඇය ඊදිරිපථ් කළ පැමිණිල්ලේ සඳහන්.

විරෝධතාවය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ අංක සහ වීඩියෝ සාක්ෂි පවතින බවත් බැවින් මෙම රජය තුළදී හෝ වෙනත් රජයක් යටතේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

“සාමාන්‍යයෙන් එවැනි විරෝධාතවලදී යම් තෙරපීමක් සිදුවෙනවා, පිරිමි ද ගැහැණු ද කියලා නැහැ, එහෙන් මෙහෙන් අතපත ගානවා,එකට කමක් නැහැ.එවැනි අවස්ථාවක අපිට ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි,හැබැයි අපේ පිලෙන් එහා පැත්තේ ඉන්නේ පොලිසියනේ,එයාලට චර්යා ධර්ම පද්ධතියක් මඟින් එවැනි අවස්ථාවක හැසිරෙන්න ඕනා ආකාරය පිළිබඳව කියලා දීලා තියෙනවා, එහෙම තියෙද්දී පොලිසිය එදින හැසිරුණු ආකාරය හෙළාදකිනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42