කැකිරාවේ පාසලක ශිෂ්‍යාවන් හයකට හදිකළ කරාටේ ගුරා රිමාන්ඩ්

කැකිරාව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ශිෂ්‍යාවන් හයදෙනෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක කෙරෙන ක්‍රීඩා උපදේශකවරයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් අදාළ පාසලේ ශිෂ්‍යාවන්ට සති අන්ත දිනවල දී කරාටේ පුහුණුව ලබාදෙන කාලය තුළ ශිෂ්‍යාවන්ට ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ, අනුවයි අනුරාධපුර, තුන්වන පියවර, අංක 50 කාර්මික ප්‍රදේශයේ පදිංචි සැකකාර ක්‍රීඩා උපදේශකවරයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ළමා හා කාන්‍තා කාර්යාංශයේ නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?