කොත්මලේ, වෙදමුල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි කැමිල්දන් ඇලෙන් එගොඩ වීමට ගිය දැරියක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ජිවිතක්ෂ්යට පත්ව තිබෙනවා.
ඊයේ (05) දහවල් සිදුවූ මෙම ආවාසනවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි දැරියක් බවයි පොලිසිය පැවසුවේ.
ජල පහරට හසුව ගසාගෙන ගිය දැරිය ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන නුවරඑළිය රෝහලවෙත ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.
තම සහෝදරිය සමඟ දැරිය ඇලෙන් එගොඩ වීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




