මෙරටින් හඳුනාගත් වඳුරු උණ ආසාදිතයාගෙන් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නෑ

මෙරටින් පළමුවරට හඳුනාගැනුණු වඳුරු උණ ආසාදිතයාගෙන් වෙනත් අයෙකුට රෝගය බෝවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිටත් රෝගය ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

කැලණිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු මෙම ආසාදිතයාගේ ආශ්‍රිතයින් මේ වනවිටත් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඔහු පසුගිය නොවැම්බර් 01 වැනි දින මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටයි.

20 හැවිරිදි වියෙහි පසුවන මොහු පසුගිය දෙවනදා උණ සහ සමේ බිබිලි සහිතව ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් රෝගියාගේ සාම්පල පරීක්ෂාවට යොමුකර ඇති අතර, ඔහුට වඳුරු උණ ආසාදනය වී ඇති බවටයි එහිදී හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?