මෙරටින් හඳුනාගත් වඳුරු උණ ආසාදිතයාගෙන් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නෑ

මෙරටින් පළමුවරට හඳුනාගැනුණු වඳුරු උණ ආසාදිතයාගෙන් වෙනත් අයෙකුට රෝගය බෝවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිටත් රෝගය ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

කැලණිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු මෙම ආසාදිතයාගේ ආශ්‍රිතයින් මේ වනවිටත් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඔහු පසුගිය නොවැම්බර් 01 වැනි දින මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටයි.

20 හැවිරිදි වියෙහි පසුවන මොහු පසුගිය දෙවනදා උණ සහ සමේ බිබිලි සහිතව ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් රෝගියාගේ සාම්පල පරීක්ෂාවට යොමුකර ඇති අතර, ඔහුට වඳුරු උණ ආසාදනය වී ඇති බවටයි එහිදී හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:48
Video thumbnail
මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ?
10:51
Video thumbnail
මාවනැල්ල පොලිසිය සමඟ පැටලුණු තරුණයා
00:51
Video thumbnail
හිටපු ඇමති සී.බීගේ පුතා වලපනේ හොල්ලයි
03:20
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුර
01:13
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45