එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දසුන්ට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දුවට පහරදීමටයි.

එංගලන්තය මෙම තරගය ජය ගතහොත් ඔවුන් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගතහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවනවා.

අද තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර,ඒ පසුගිය තරගයේ දී ක්‍රීඩා නොකළ චාමික කරුණාරත්න අද තරගය වෙනුවෙන් කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?