හිටපු මැකොසගේ සභාපතීත්වයෙන් යුත් විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ කමිටුව පත්කර ඇති අතර, එහි සභාපතීත්වයට පත්කර ඇත්තේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියයි.

අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළත් වන අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන අය පත්කර තිබෙනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?