‘ඒ’ – 09 මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ අනතුරින් මිය ගිය අය අතර විශ්වවිද්‍යාල සිසුවියක් (ඡායාරූප)

‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ වව්නියාව – නොච්චිමොටේ පාලම අසල දී අද (05) අලුයම සිදු වූ සුඛෝපභෝගී බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය අතර, 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ද සිටින බව පොලිසිය පවසනවා.

රාමක්‍රිෂ්ණන් සයාකරි නමැති නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය යාපනය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය පීඨ සිසුවියක් බවයි වාර්තා වන්නේ.

ඇයගේ මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

තුවාල ලැබූ 17 දෙනෙකු වව්නියාව මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

රියදුරුට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටී මාර්ගයේ පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවූ අවස්ථාවේ දී ඒ සමඟ ගමන්කල අනෙක් බස් රථය ද පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ අනෙක් පසින් ඉවතට ගොස් නතර වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46