ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය අමාරු කළ රෂීඩ් ඛාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (04) පැවති තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

ඒ, අනුව ඕස්ට්‍රේලියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු හතරකින්.

තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානුවන් දෙසට හරවා ගැනීමට අවසන් පන්දුව තෙක් තනිව සටනක නිරත වූ රෂීඩ් ඛාන්ගේ ඉනිම පිළිබඳව මෙහිදී බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කිසි විටෙකත් මායිම් නොකළ රෂීඩ් ඛාන් පන්දු 23ක් තුළ දැවැන්ත හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 03ක් සමඟින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

කෙසේ වෙතත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට රෂීඩ් ඛාන්ට ඊයේ දිනයේ දී හැකියාවක් ලැබුනේ නැහැ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි වී ගියා.

මේ අතර තරගයෙන් අනතුරුව රෂීඩ් ඛාන් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ මෙවැන්නක්,

” 2022 ලෝක කුසලාන තරගාවලිය තුළ ඇෆ්ගනිස්ථානයේ කොටසක් වීමට ලැබීම ගෞරවයක්, අපි බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙය නොවෙයි, නමුත් අපි මෙයින් තවත් ශක්තිමත්ව ඉගෙනගන නැවත පැමිණීමට අත්දැකීමක් කර ගන්නවා, ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම රසික රසිකාවියන්ට ස්තූතිය පළකරන අතර, සෙසු කණ්ඩායම්වලට සුබ පැතුම් එක්කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11