‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරළී මාරක අනතුරක් (ඡායාරූප)

‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ වව්නියාව – නොච්චිමොටේ පාලම අසල දී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (05) අලුයම අනතුරට ලක්ව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහිදී බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරුට රථය පාලනයකර ගැනීමට නොහැකිව එය මාර්ගයේ පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් නාවලපිටිය සහ වැල්වැටිතුරෙයි යන ප්‍රදේශවල පදිංචි 23 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර, අනෙක් පුද්ගලයා වයස් අවුරුදු 30ත් 35 අතර වියේ පසුවන අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 09 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් මේ වනවිට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13