LPL සන්නාම තානාපතිවරයෙක් ලෙස ශ්‍රීමත් විවියන් රිචඩ්ස් පත් කෙරේ

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ක්‍රිකට් ලෝකයේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන ශ්‍රීමත් විවියන් රිචඩ්ස් එක්කර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එල්.පී.එල්. සංවිධායකයින් පැවසුවේ දෙසැම්බර් 06 වනදා සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන තරඟාවලියේ තුන්වන සංස්කරණයට ඔහුගේ සහභාගීත්වය විශාල ශක්තියක් වනු ඇති බවයි.

එල්.පී.එල්. තුන්වන අධියරේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බවයි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?