නිදහස ජනතා සභාව සහ උත්තර සභාව අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) සවසනිදහස ජනතා සභා මූලස්ථානය දී පැවැත් වුණා.
මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ රටේ ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට ඇද දමමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අණතුරට ලක් කරමින් වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාමාර්ග පරාජය කිරීම සදහා විපක්ෂයේ පුළුල් එකමුතු බව ගොඩනැගීම කෙසේ කළ යුතු ද යන්නයි.
ඒ, අනුව අන්නෝන්‍ය අවබෝධය ශක්තිමත් කරමින් මෙම සුහද සාකච්ඡාව ඉදිරියට ගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම එකඟව වී තිබුණා.
මෙම අවස්ථාව ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ , නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,විජයධරණී ජනතා සභාව වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි, නිදහස ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහපෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, නීතීඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන අය එක්ව සිටියා.




