Breaking News – ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් වන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන ද චෝදනා ලැබ සිටිනවා.

කොළඹ – කොටුවේ පිහිටි ඇයගේ කාර්යාලයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුවයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?