සේවක සාදයට පාර්ලිමේන්තු බස්රථ යොදාගැනීම ගැන විශේෂ පරීක්ෂණයක්

සේවක සුහද හමුවක් සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නියමයෙන් පාර්ලිමේන්තුවෙන් බාහිර කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදුකරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කණ්ඩායම පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ප්‍රධානීන්ගෙන් ද කරුණු විමසීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු සේවක සුහද හමුවකට සහභාගී වූ සේවක පිරිසක් රැගත් පාර්ලිමේන්තු බසයක ගැටීමෙන් වැලිවේරිය පොලිසියේ සැරයන්වරයෙක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරු එම අවස්ථාවේ දී අධික බීමතින් සිට ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසුවයි අදාළ පරීක්ෂණය සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?