අටමස්ථානාධිපති ධුරයට පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් පත් කෙරේ

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා වත්මන් රුවන්වැලි මහා සෑ අධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් පත්කර තිබෙනවා.

අභිනව අටමස්ථානාධිපති හිමියන් ලෙස උන්වහන්සේ එළඹෙන එකොළොස් වනදා නිළ වශයෙන් වැඩභාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගියදා රැස් වූ අටමස්ථාන කාරක සභාව විසින් නව අටමස්ථානාධිපති ධුරය සඳහා උන්වහන්සේව තෝරා ගැනීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

අටමස්ථානාධිපති ලෙස කටයුතු කළ උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් පසුගිය 18 වනදා අපවත් වීමෙන් පසු එම ධුරය පුරප්පාඩුව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?