දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව අද (01) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම
දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?