ඉන්දියාවේ පාලමක් කඩා වැටී සිදුවූ ඛේදවාචකය සම්බන්ධව ජනපති ශෝකය පළකරයි

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් සීයකට වැඩි පිරිසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයට සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

අහමදාබාද් හි සිට කිලෝමීටර 200ක් පමණ දුරින් පිහිටි මෙම එල්ලෙන පාලම මතට ආගමික උත්සවයට අදාළව චාරිත්‍ර සිදුකිරීම සඳහා 500ක පමණ පිරිසක් රැස්ව සිටි අවස්ථාවේ දී එය මෙලෙස කඩ වැටී තිබෙනවා.

බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ 19 වන ශත වර්ෂයේ දී ඉදි කරන ලද මෙම පාලම ප්‍රතිසංස්කරණය කර සතියකට පසු මෙලෙස කඩාවැටීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?