අද සිට පාන් මිල අඩුවෙයි

පාන් ගෙඩියක මිල අද (31) දිනයේ දී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම හේතුවෙන් විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.

ඒ, අනුව අද (31) දිනයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10.00ත් 20.00ත් අතර මිලකින් අඩුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර හෙට (01) සිනයේ සිට ප්ලේන්ටිය ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ගණන් 10%කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?