Update – සෝල් නුවර හැලොවීන් සැමරුමේ දී මියගිය අය සොයා ඥාතීන් හැඬු කඳුලින් රෝහල් වෙත

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේ දී සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතරින් බහුතරයක් දෙනාගේ සිරුරු මේ වන විට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විටත් සැමරුමට සහභාගී වී සිටි අයගේ ඥාතීන් රෝහල් වෙත පැමිණ ඔවුන්ගේ ආදරණීයන් ප්‍රතිකාර ලබමින් හෝ මිය ගිය පිරිස අතර සිටිනවා ද යන්න සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණෙන ජනතාව සම්පූර්ණයෙන්ම කලබලයට පත්ව සිටින බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

සෙනසුරාදා රාත්‍රියේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් උත්සවයට පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වී සිට ඇති බව සඳහන්.

එහිදී ඇති වූ තෙරපීමෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගිය අතර, තවත් අසූ දෙදෙනෙකු පමණ තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සහ මියගිය පිරිසගේ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට විශේෂ කණ්ඩායමක් ද දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හැන්ඩක් සූ විසින් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් පිරිස අතර විදේශිකයින් 19 දෙනෙකු සිටින අතර, ශ්‍රී ලාංකික තරුණයෙක් ද එම පිරිස අතර වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙම වසරේ එරට සැමරූ පළමු උත්සව අවස්ථාව ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26