පාලමක් මතින් අත්තනගලු ඔයට පැන කාන්තාවක් අතුරුදන්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් අත්තනගලු ඔයට පැන ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ අදාළ කාන්තාව අත්තනගලු ඔයට පැන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වයස අවුරුදු 23ත් 28ත් අතර වයසේ පසුවන කාන්තාවක් මෙලෙස අත්තනගලු ඔයට පැනීමෙන් පසු මේ වනවිටත් අතරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය පාලම මතින් ඔයට පනින අවස්ථාවේ චොක්ලට් පැහැයට හුරු ගවුමක් ඇඳ සිටි බවට අනාවරණය වී තිබෙනවා.

නාවික හමුදා කිමිඳුම් නිලධාරීන්, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40