මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් අත්තනගලු ඔයට පැන ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.
ඊයේ (29) පස්වරුවේ අදාළ කාන්තාව අත්තනගලු ඔයට පැන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
වයස අවුරුදු 23ත් 28ත් අතර වයසේ පසුවන කාන්තාවක් මෙලෙස අත්තනගලු ඔයට පැනීමෙන් පසු මේ වනවිටත් අතරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය පාලම මතින් ඔයට පනින අවස්ථාවේ චොක්ලට් පැහැයට හුරු ගවුමක් ඇඳ සිටි බවට අනාවරණය වී තිබෙනවා.
නාවික හමුදා කිමිඳුම් නිලධාරීන්, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




