Update – සෝල් නුවර ඛේදවාචකයෙන් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයෙකුත් (ඡායාරූප)

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේ දී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් ඒ බව තහවරු කර ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කොරියාවේ රැඳී සිටි මහනුවර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයෙක්.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් විදේශිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් අතර ඉරානය, නෝර්වේ, චීනය සහ උස්බෙකිස්තානය යන රටවලින් පැමිණි අයවලුන් ද වනවා.

දකුණු කොරියාවේ හැලොවීන් සැමරුමේ දී සිදු වූ තෙරපීමෙන් පුද්ගලයින් 151 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 82ක් තුවාල ලබා තිබෙනවා.

මෙම උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර, පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව මුඛ ආවරණ නොමැතිව දකුණු කොරියාවේ පැවති පළමු එළිමහන් උත්සවය ද මෙය වීම විශේෂත්වයක්.

මෙම දරුණු ඛේදවාචකයෙන් පසු සිද්ධිය වූ ප්‍රදේශයේ නිරීක්ෂණයකට දකුණු කොරියානු ජනාධිපතිවරයා එක්ව සිටි අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

d2b8d45c f3d1 4625 83ae b214b665590d
72a0b89d 23dd 4aa6 bb72 0a8640932bc0
2c72a2cd 3f70 4328 8710 c5fca6523c71
a0606e06 46e2 4586 a117 4f041de8bf4d
e922e299 fc7f 4f0c a236 726694fc0314
cf5f8c51 3bc5 4c64 a442 c4c6a76ef9b5
64a6823bc321f4fa7e5b0d7703a2958e
O7WSK4VQUJIHJMC2FZ5C7HXVQQ
7b37a4a1c6c7349b52b63e5bde085bc2
004e6f5d 6ab5 4223 9696 bfd002bdef67
featureimage 2600 752x501 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?