එළඹෙන අයවැයේ සිදුකරන දෙයක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන අයවැයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු විදේශයන්ගෙන් ලැබෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (29) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අයි.එම්.එෆ්. සහාය ඇතිව මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

ඒ, අනුව රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?