Update – දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් 151 දෙනෙකු මිය යාමත් සමඟ එරට ජනාධිපතිවරයා විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තවත් පුද්ගලයින් 82කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මිය ගිය පිරිසේ විදේශිකයන් 19 දෙනෙකු ද සිටින අතර, මියගිය අය අතුරින් වැඩි පිරිසක් තරුණ වියේ පසුවනන් බවයි වාර්තා වන්නේ.

ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් දකුණු කොරියා ජනාධිපතිවරයා එරට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරියේදී මෙවන් ව්‍යසන සිදුනොවීමට වගබලාගන්නා ලෙසයි.

මෙම අවාසනවත්න සිදුවීමත් සමඟ ලෝකයේ රටවල් රැසක නායකයින් දකුණු කොරියාව වෙත සිට ශෝකය පළකරමින් නිවේදනයන් නිඋත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?