පාන්වල නියමිත බර නොමැතිවීම පිළිබඳව කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය ප්‍රතිචාර දක්වා සිටියා.
එහිදී ඔවුන් සඳහන් කර සිටියේ පවතින නීතිය මත පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පෙන්වාදී නොමැති නිසා බේකරිහිමියන්ට හා වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔවුන් සඳහන් කළේ මෙවැන්නක්.
“පනතේ පාන් ගෙඩිය ග්‍රෑම් 450යි කියලා සඳහන් වෙලා නැති නිසා වංචනිකයින්ට රිංගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කියන්නේ මේ හිඩැස වහලා දෙන්න කියලා. පනතේ ග්‍රෑම් 225ටත් පාන් හදන්න පුළුවන් නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩිය ග්‍රෑම් 225ට හදලා දෙනවා.”
මේ අතර තිරිඟු පිටි මිල අඩුවවු ද බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකිරීම පිළිබඳව පාරිභෝගිකයින් තවදුරටත් චෝදනා එල්ල කරමින් සිටිනවා.
පාරිභෝගිකයින් තව දුරටත් චෝදනා කර සිටින්නේ වෙළඳපොලේ නිසි බරක් නොමැතිව විවිධ බර ප්‍රමාණවලින් යුත් පාන් අලෙවි කරන බවටයි.




