අසූර් ගුවන් සමාගම නොවැම්බරයේ සිට ශ්‍රී ලංකාවට

නොවැම්බර් මස මුල සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ, අනුව ලබන 02 වනදා සිට රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක් සහ නොවෝසර්බියක් සිට සෑම දින දහයකට වරක් එම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම මොස්කව් නුවර සිට ද සෑම සතියකට දින දෙකක් මෙම ගුවන් සමාගමට අයත් යානාවක් ශ්‍රී ලංකාවට පැමිණීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ද ශ්‍රී ලංකාව අතර අත්හිටුවා තිබූ ගුවන් සේවා පසුගිය 10 වනදා යළි ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?