නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ඉනිම ගොඩ නැඟූ ග්ලෙන් ෆිලිප්ස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ෆිලිප්ස්ගේ මෙම ශතකය වාර්තා අතරට එක්වන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස්කළ දෙවන ශතකය ලෙසටයි.

ඔහු අනඟි සහයක් ලබාදුන් ඩැරල් මිචෙල් ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 02ක් බිඳ දැමූ අතර වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ මහිෂ් තීක්ෂණ අතරේ කඩුලු එක බැඟින් බෙදී ගියා.

ඒ, අනුව තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 168ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26