රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත් වුණා.
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ඨතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරටත් සංවිධානය කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී “රාජ්‍ය සාහිත්‍ය සම්මාන” 40ක් සහ “සාහිත්‍ය රත්න” සම්මාන 03ක් පිරිනැමුණා.

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය) සහ ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වුණා.

මෙහිදී හොඳම ස්වතන්ත්‍ර නවකතාව (සිංහල) ලෙස එරික් ඉලයප්ආරච්චිගේ “නකුල මුනි” නවකතාවද, ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමිනි අමරසිංහගේ “Footprints” නවකතාව ද, දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරූරන් විසින් රචිත “ආදුරසාලයි” නවකතාව සම්මානය හිමිකර ගත්තා.

මේ අතර මෙවර හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක්.

මෙම සම්මානය සිවලිංගම් ආරූලන් රචනා කළ “ආදුරු සාලෙයි” කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ 2006 වසරේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවෙකු ලෙස මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අයෙක්.

මේ අතර 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් එළිදැක්වුණු සමරු කලාපය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55