තහනම ඉවත්කරගත් රන්ජන් ඇමරිකාවට

අධිකරණය මඟින් සිය ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපළෙන් අද (29) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්- 663 දරණ ගුවන් යානයෙන් ඔහු අද (29) අලුයම 03.50ට පමණ දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

රන්ජන් රාමනායක පෙරේදා (27) රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද, ඔහු වෙත අධිකරණය මඟින් පනවා තිබූ ගුවන් ගමන් තහනම හේතුවෙන් ඇමෙරිකාව බලා යාමට ආගමන විගමන නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?