ලිංගික උත්තේජන පෙති භාවිත කිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ මාසයකට පුද්ගලයින් 02ත් 03ත් අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර ප්‍රකාශ කරනවා. ඒ, අනුව මේ ඉතා ඉහළ අගයක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වෛද්‍ය උපදෙස් නොතකා ලිංගික උත්තේජන පෙති ලබාගත් වයස අවුරුදු 20ත් 25ත් සහ 40ත් 45ත් අතර පුද්ගලයන් බවයි ඇය සඳහන් කරන්නේ.
වෛද්‍යවරයෙකුගේ උපදෙස්වලින් තොරව ලිංගික උත්තේජන පෙති භාවිත කිරීම සහ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලබාගැනීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම වෛද්‍යවරයකුගේ උපදේශයකින් තොරව අත්හදා බැලීම සහ සෞඛ්‍ය හේතුන් මත මෙම ලිංගික උත්තේජන බෙහෙත් ලබාගැනීම අතිශය භයානක බව ඇය කියා සිටියා.
එමෙන්ම වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිඳු ලිංගික උත්තේජන ඖෂධයක් භාවිත නොකරන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.




