අද (28) දිනයේ සිට දෙසැම්බර් 31 දක්වා විවෘත ගිණුම් හරහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබා දෙන බව වෙළඳ කටයුතු වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (28) පැවැති සාකච්ඡාවක දී ඒ බව තීරණය කර තිබෙනවා.
තිරිඟු පිටි මිල පාලනය කිරීම සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා පහත දමා ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




