දුසිල්වත් භික්ෂූන් ගැන නායක හිමිවරු දැනුවත් කිරීමට නව වැඩ පිළිවෙලක්

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලීසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායකහිමිවරුන් දැනුවත් කිරීමටත් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමටද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා
.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.

එහිදී දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

එවැනි ක්‍රියා හේතුවෙන් ශාසනයට සිදුවන හානිය පිළිබඳවත්, ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් මෙම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව සඳහන්.

ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මඟ පෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වාදීමටත් අපේක්ෂා කරන බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26