භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලීසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායකහිමිවරුන් දැනුවත් කිරීමටත් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමටද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා
.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.
එහිදී දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
එවැනි ක්‍රියා හේතුවෙන් ශාසනයට සිදුවන හානිය පිළිබඳවත්, ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් මෙම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව සඳහන්.
ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මඟ පෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වාදීමටත් අපේක්ෂා කරන බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.




