තැපැල් කාර්යාලයෙන් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කෙරෙන ගාස්තුවත් ඉහළට

තැපැල් කාර්යාල මඟින් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කරන ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කළ රුපියල් 5.00 මුදල රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිටත් යොමුකර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් තැපැල්පතිවරයා සඳහන් කළේ.

විදුලි බිල්පතක් සඳහා විදුලිබල මණ්ඩලය විසින් මිට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට 02%ක් ගෙවූ අතර, එය 01%ක් දක්වා මේ වන විට පහත දමා ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?