“දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මුහුණ දෙන භයානකම දශකය මෙය විය හැකියි” – ව්ලැඩිමීර් පුටින්

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ දෙන භයානකම දශකය බොහෝ විට මෙය විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු ජනාධිපතිවවරයා මොස්කව් නුවර ඊයේ පැවති විශේෂ දේශනයකදී මේ බව සඳහන් කර ඇති අතර, එම දේශනයේ දී යුක්‍රේනයේ සිදුකරන මෙහෙයුම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇති බව ද සඳහන්.

මෙහිදී බටහිර රාජ්‍යන් විසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයන් පිළිබඳව බලහත්කාරකම් සිදුකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳව තම රට විසින් ප්‍රබල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, බටහිර නායකයින් සිදුකළ ප්‍රකාශවලට ඉඟි පළකිරීම පමණක් සිදුකර ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?