මව්පිය ආරවුලට මැදි වූ 09 හැවිරිදි දරුවා පිහි පහරකින් ජීවිතක්ෂයට (ඡායාරූප)

කොස්මෝදර, වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක ඊයේ (27) රාත්‍රියේ අඹුසැමි යුවළක් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකට මැදි වූ 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් අනපේක්ෂිත ලෙස දරුවාගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතල තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා මොරවක – කොස්නිල්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම දරුවා අද (28) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිහි පහර එල්ල කළ පියා මාතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර පියා මොරවක පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26