සමෘද්ධිය ඇතුළු සහනාධාර සඳහා අයදුම් කිරීමට තිබූ කාලය අදින් අවසන්

සමෘද්ධි ඇතුළු රජය මඟින් ලබාදෙන අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් (28) අවසන් වනවා.

වැඩිහිටි, වකුගඩු, හා අබාධිත අනෙකුත් සහනාධාර සඳහා ද ඉල්ලුම් කිරීමට මේ යටතේ ජනතාවට අවස්ථාව පැවතියා.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ දැනටමත අදාළ සහනාධාර ලබාගන්නා පුද්ගලයින්ට ද එම අයදුම්පත යොමු කිරීම අනිවාර්ය බවයි.

අදාළ අයදුම්පත් තම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම නිෂ්පාදන හා ගොවිජන සහකාර යන නිලධාරීන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?