අඩු බර පාන් හදන හේතුව බේකරි සභාපති පහදයි

තිරිඟු පිටි සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඇතැම් බේකරි හිමියන් අඩු බරින් යුතු පාන් නිෂ්පාදනයට පෙළඹී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරනවා.

මේ වන විට තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල 300% කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් පාන් නිෂ්පාදනයෙන් බේකරිහිමියන් ඉවත් වෙමින් සිටින බවත් මේ වනවිටත් බේකරි 2000කට වැඩි සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 190ට 200ට වැනි මුදලකට නිෂ්පාදනය කළ නොහැකි නිසාත් ඇතැම් බේකරිහිමියන් මෙලෙස අඩු බර පාන් නිෂ්පාදනයට පෙළඹී සිටින බවයි.

එමෙන්ම අඩු බර පාන් වැටලීම් සිදු කිරීම ඊට විසඳුමක් නොවන බව පවසන සභාපතිවරයා බේකරි හිමියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුමක් දෙන තුරු මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවයි සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10