ට්විටර් හිමිකාරිත්වය එලොන් මස්ක්ට

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව තොරතුරු වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් පසු තමන් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් බවයි එලොන් මස්ක් සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

මෙම ගනුදෙනුවත් සමඟ ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල් සහ මූල්‍ය ප්‍රධානී නෙඩ් සේගල් සමාගමේ සැන්ෆ්‍රැන්සිස්කෝ මූලස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් නැවත නොපැමිණෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ට්විටර් සමාගම මස්ක් අතට පත් වීමෙන් අනතුරුව එහි 75%ක සේවක කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?