ඇමරිකාවට යන්න ගිය රන්ජන් ගුවන්තොටේ දී යළි හරවා එවයි

ඇමරිකාව බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකටම අදාළව අධිකරණ මඟින් ගුවන් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහුව මෙලෙස යළි හරවා එවීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කර ඇත්තේ.

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා යෑමට රන්ජන් රාමනායක ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් ඔහු ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැනින් ඇමරිකාව වෙත යෑමට සැලසුම්කට තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?